වැට් සංශෝධන පනත හෙට යළි පාර්ලිමේන්තුවට

ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබීම හේතුවෙන් සම්මත කර ගත නොහැකි වූ වැට් සංශෝධනය කෙටුම්පත හෙට (11) දිනයේ යළිත් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් විවාද කරමින් සිටිය දී විපක්ෂය තර්කානුකූලව එය පරාජය කිරීම වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.

අදාළ කෙටුම්පත පසුගිය අ⁣ගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, වැට් බද්දට අදාළවන භාණ්ඩ ලැයිස්තුව ඊට ඇතුළත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අද දින එම ලැයිස්තුව ඉල්ලා සිටිමින් විපක්ෂය අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීමට උත්සහ කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් හෙට (11) පෙරවරුවේ අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46
Video thumbnail
ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩිවෙනකොට විපක්ෂය දැන් දෙදරුම් කනවා - සජිත්ට යන එන මං නැතිවෙයිද ?
01:35
Video thumbnail
අම්මා තාත්තගේ අහුවුණත් වුණත්..ආයේ Chance එකක් නෑ - PHI නිලධාරින් සැර වෙයි
06:23
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21