AFC Banner
Empty Ad
Empty Ad

පුතාගේ මනාලිය වෙන්න සිටි බාලවයස්කාර දැරිය කෙලෙසූ අයෙක් රිමාන්ඩ්

පුත්තලම, පෙරියකුලම ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු ඊයේ (07) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක්.

සිය 18 හැවිරිදි පුත්‍රයාට විවාහකර දීමට සිටි 16 හැවිරිදි දැරිය සැකකරු විසින් මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් අවස්ථා කිහිපයකදීම දැරියව අපයෝජනය කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම තමන් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි තරුණයා ද අවස්ථා ගණනාවක දී තමන්ව අපයෝජනයට ලක්කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

මේ අතර සැකකරුගේ බිරිඳ ද මේ වනවිට ගැබිනියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
5
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?