පුතාගේ මනාලිය වෙන්න සිටි බාලවයස්කාර දැරිය කෙලෙසූ අයෙක් රිමාන්ඩ්

පුත්තලම, පෙරියකුලම ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු ඊයේ (07) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක්.

සිය 18 හැවිරිදි පුත්‍රයාට විවාහකර දීමට සිටි 16 හැවිරිදි දැරිය සැකකරු විසින් මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් අවස්ථා කිහිපයකදීම දැරියව අපයෝජනය කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම තමන් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි තරුණයා ද අවස්ථා ගණනාවක දී තමන්ව අපයෝජනයට ලක්කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

මේ අතර සැකකරුගේ බිරිඳ ද මේ වනවිට ගැබිනියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
5
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38