සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පති යළි ඉල්ලා උද්ඝෝෂණයක් (ඡායාරූප)

පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කර ඇති විදුහල්පතිවරයා පාසල වෙත යළිත් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත් වුණා.

දෙමව්පියන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (06) පෙරවරුවේ එම උද්ඝෝෂණය පැවැත් වුණේ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලය ඉදිරිපිටයි.

එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පාසලට රැගෙන ඒමට තහනම් කර තිබූ පොලිතින්වල ආහාර ඔතා රැගෙනවිත් අනුභව කර, පොලිතින් නිවසට රැගෙන යාමට බෑගය තුළ දමාගෙන තිබිය දී පසුගිය මස 22 වනදා පාසලේ හිටපු විදුහල්පති ජානක ජයවර්ධනට හසුව තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම විදුහල්පතිවරයා පාසලට පොලිතින් රැගෙන ආ සිසුන් පිරිසට දඬුවමක් ලෙස එම පොලිතින් අනුභව කරන ලෙස නියෝග කර ඇති බවයි අනාවරණය වුණේ.

එහිදී එම පොලිතින් අනුභව කිරීමෙන් අනතුරුව සිසුන් පස්දෙනෙක් රෝගාතුරව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමව්පියන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ.

අනතුරුව සැකකාර විදුහල්පතිවරයා මේ මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කෙරුණු අතර, පසුව එම විදුහල්පතිවරයා ඇප මත මුදාහැරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ඔහුව ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කිරීමට ද අධ්‍යාපන බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

ඒ, අනුව අද දිනයේ උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් කියා සිටියේ දැනට තාවකාලිකව ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති හිටපු විදුහල්පතිවරයා යළි එම පාසලට යොමුකරන ලෙසටයි.

උද්ඝෝෂණයේ නිරතව දෙමව්පියන් වැඩිදුරටත් සඳහන් කළේ විදුහල්පතිවරයා පාසලේ විනය පවත්වාගෙන යෑමට කැප වූ බවත්, පාසලේ අධ්‍යාපන මට්ටම ද ඉහළ දැමීමට කටයුතු කළ අයෙක් බවයි.

විදුහල්පතිවරයා සිසුන්ට පොලිතින් අනුභව කිරීමට නියෝග කළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වනවා.

01 5
01 6
01 7
01 8
01 4
01 1
01 2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?