සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පති යළි ඉල්ලා උද්ඝෝෂණයක් (ඡායාරූප)

පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කර ඇති විදුහල්පතිවරයා පාසල වෙත යළිත් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත් වුණා.

දෙමව්පියන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (06) පෙරවරුවේ එම උද්ඝෝෂණය පැවැත් වුණේ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලය ඉදිරිපිටයි.

එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පාසලට රැගෙන ඒමට තහනම් කර තිබූ පොලිතින්වල ආහාර ඔතා රැගෙනවිත් අනුභව කර, පොලිතින් නිවසට රැගෙන යාමට බෑගය තුළ දමාගෙන තිබිය දී පසුගිය මස 22 වනදා පාසලේ හිටපු විදුහල්පති ජානක ජයවර්ධනට හසුව තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම විදුහල්පතිවරයා පාසලට පොලිතින් රැගෙන ආ සිසුන් පිරිසට දඬුවමක් ලෙස එම පොලිතින් අනුභව කරන ලෙස නියෝග කර ඇති බවයි අනාවරණය වුණේ.

එහිදී එම පොලිතින් අනුභව කිරීමෙන් අනතුරුව සිසුන් පස්දෙනෙක් රෝගාතුරව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමව්පියන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ.

අනතුරුව සැකකාර විදුහල්පතිවරයා මේ මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කෙරුණු අතර, පසුව එම විදුහල්පතිවරයා ඇප මත මුදාහැරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ඔහුව ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කිරීමට ද අධ්‍යාපන බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

ඒ, අනුව අද දිනයේ උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් කියා සිටියේ දැනට තාවකාලිකව ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති හිටපු විදුහල්පතිවරයා යළි එම පාසලට යොමුකරන ලෙසටයි.

උද්ඝෝෂණයේ නිරතව දෙමව්පියන් වැඩිදුරටත් සඳහන් කළේ විදුහල්පතිවරයා පාසලේ විනය පවත්වාගෙන යෑමට කැප වූ බවත්, පාසලේ අධ්‍යාපන මට්ටම ද ඉහළ දැමීමට කටයුතු කළ අයෙක් බවයි.

විදුහල්පතිවරයා සිසුන්ට පොලිතින් අනුභව කිරීමට නියෝග කළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වනවා.

01 5
01 6
01 7
01 8
01 4
01 1
01 2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05
Video thumbnail
ආණ්ඩුව අපිට බාධා කරන්න හිතන්නවත් එපා - බලාගෙන ඉන්න
03:23
Video thumbnail
ඉතිහාසයේ දැවැන්තම විරෝධතා රැළිය අපි කරනවා - තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
04:31
Video thumbnail
දිලිත් එක්ක හිටපු ලොක්කෙක් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:29
Video thumbnail
වසර 7ක සිරදඬුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න
00:26
Video thumbnail
අපිට ඕනි නෑ අර හොර තක්කඩිටික බලයට ගේන්න - අධිකරණයට මෙහෙම බලපෑම් කරන්න බෑ..
10:50