වත්මන් ආණ්ඩුව යටතේ කුඹුරු ගොඩකිරීමට ඉඩනොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දොම්පේ ප්‍රදේශයේ ඊයේ (25) පැවති පුරන් කුඹුරු අස්වැද්දීමේ උත්සවයට එක්වෙමිනි.
2021 පුරන් කුඹුරු අස්වද්දන ජාතික මෙහෙවරට සමගාමීව වසර 40ක් පුරන්ව පැවති ගම්පහ දොම්පේ ගල්වලංගොඩ යායේ කුඹුරු අක්කර 140ක් අස්වැද්දීම ඊයේ ආරම්භ කෙරුණි.
ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.
“අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම කුඹුරු පුරවන්න ඉඩ දෙන්නේ නෑ. එහෙම නම් විකල්ප වගාවක් වගා කරන්න ඕනේ. මේ වනාන්තරේ කුඹුරු කැළෑ වෙලා ගිහින්. වනාන්තරය සුද්ද කරලා කුඹුරු කරනවා. ප්‍රවෘත්තිවලට කියයි ද දන්නේ නැහැ කෘෂිකර්ම ඇමති කැළෑ එළි කළා කියලා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එයාලා වගා කරනවාලු. කැළෑ කපනවද නැද්ද කියලා අපි දන්නවාලු. මේවා මේ කොළඹ ඉන්න නෝනලාට දන්නේ නෑ. මේවා NGO වැඩ. නැති බිල්ලො මවන්න හදනවා. අපි කෘෂිකාර්මික රටක්. නිකම් තියෙන ඉඩම්වල අපි වවනවා. අපි කැළෑ කපන්නේ නැහැ. ඉදිරි වසර තුළ කෘෂිකර්ම විප්ලවයකට යනවා. ආහාර ආනයනයට වසරකට බිලියන 250ක් වැය කරනවා. ආනයන නවත්වලා අපේ රටේ නිෂ්පාදනය කරනවා,” යනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.