පුත්තලම, තේවනුවර ප්‍රදේශයේ සැරි සැරූ වන ඇතුන් දෙදෙනකු මිය ගොස් ඇති බව පුත්තලම වන ජිවී කාර්යාලය පවසනවා.
විදුලි සැර වැදීමෙන් මෙම සතුන් දෙදෙනා මෙලෙස මියගොස් ඇති බවයි වන ජිවී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
‘වාසල’ සහ ‘වළගම්බා’ නමින් හඳුන්වන මෙම දළ ඇතුන් දෙදෙනා පුද්ගලික ඉඩම අටවා තිබූ විදුලි වැටක පැටලී මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුලි රැහැන් ඇද තිබූ ඉඩමේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
2
+1
12
+1
2
+1
2















