අලි මිනිස් ගැටුමෙන් අහිමි වන වන අලි ගැන අනාවරණයක්

මරණයට පත්වන වන අලි ගහනය බේරා ගැනීම සඳහා වනජීවී පරිපාලනයේ නෛතික වෙනසක් ඇති කීරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණපාන ගැටලුවක්ව පවතින අලි මිනිස් ගැටුම හේතුවෙන් මේ වන විට මෙරටට වාර්ෂිකව අහිමි වන වන අලි ගහනය ඉහළ බවටයි කමිටුවේදී අනාවරණය වී ඇත්තේ.

ලොව ඉහළ අලි මරණ සිදුවන රටක් ලෙසට ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන්ට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව හෙළි වී ඇතැයි ද කාරක සභාවේ අවධානයට යොමු වී තිබෙනවා.

මරණයට පත්වන වන අලි බේරා ගැනීම සඳහා වන ජීවී පරිපාලනයේ නෛතික වෙනස්කම් ඇති කළ යුතු බවයි කමිටුවේදී සාකච්ඡාවට ලක්වී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ඒ අනුව ප්‍රධාන වශයෙන් දැනට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත තුළ සංශෝධන සිදු කළ යුතු වගන්ති පිළිබඳ පූර්ව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පරිසර නීති කම්ටුවේ කැඳවුම්කරු වන චාරක ජයරත්න මහතා ඇතුළු කමිටුවක් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවන් ඔස්සේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාව සිදු කර තිබෙනවා.

මෙහිදී පනතේ වන අලි සම්බන්ධව පවතින ප්‍රධාන වගන්ති කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ අතර එහිදී 3 වන වගන්තිය, 6 වන වගන්තිය, 19 වන වගන්තිය, 20 වගන්තිය හා 30 වගන්තීන් සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරුණා.

මෙම අවස්ථාවේදී මෙම වගන්තිය අන්තර්ගතව පවතින වන සතුන් මරණයට පත්කිරීම සම්බන්ධව ක්‍රියාත්මක වන දණ්ඩනය ගාස්තු සංශෝධනය කළ යුතු බවට යෝජනා වු අතර වන අලි ඇතුන් පොදු දේපලක් ලෙස බලගන්වා ඒ ඔස්සේ අදාළ වරදකරුවන්ට නිසි දඬුවම් පැනවීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමටයි යෝජනා ඉදිරිපත් වී ඇත්තේ.

එසේම මෙරට වන අලි වැඩි වශයෙන් මරණයට පත්වන එක් අවස්ථාවක් ලෙස නීති විරෝධී අධිබලැති විදුලි රැහැන් ඇටවීම පිළිබඳ පූර්ණ අවධානය යොමු වුණා.

මේ සම්බන්ධව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතේ පැහැදිලි අර්ථකථනයක් නොමැති හෙයින් ඒ සම්බන්ධව පැහැදිලි අර්ථකථනයක් ඇතුළත් කර අදාළ දඩුවම් ද ඇතුලත් කරමින් නව වගන්ති හඳුන්වාදීම කාරක සභාවේ දී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව කාරක සභාවේ දී සාකච්ඡාවට බඳුන් කළ පනත සංශෝධනය සම්බන්ධව පවතින යෝජනා නැවත වාර්තාගත කර වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කළ කමිටුවක් හරහා ද අදාළ නිර්දේශයන් සම්බන්ධව එකඟතාවයකට එළඹ නිශ්චිත කාල රාමුවක් යටතේ පනත සංශෝධනය අවසන් කිරීමටයි කාරක සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08