අවුරුදු 15 යි මාස 08ක දැරිවියක් සමග පවුල් ජීවිතයක් ගත කරමින්; ඇයව මවක් බවට පරිවර්තනය කළ 21 හැවිරිදි තරුණයෙකු ව අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලීසිය කටයුතු කර තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ; බාලවයස්කාර දැරිවියක් දරු ප්රසූතියක් සිදුකර 8 වන වාට්ටුවේ ප්රතිකාර
ලබමින් සිටික බව ඉකුත් 29 වැනිදා සවස පුත්තලම මූලික රෝහලේ නිලධාරීන් විසින් පොලිසියට දැනුම්දෙනු ලැබීමත් සමග ඒ ගැන විමර්ශන ඇරඹුණු බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ; පුත්තලම -ස්මායිල් පුරම් පදිංචි තරුණයෙකු යි.
ඉකුත් 2022 වසරේ නොවැම්බර් මාසයේ දිනක මවක් බවට පත් ව ඇති දැරිවියව තමන් වාකරේ ප්රදේශයට රැගෙන ගොස් ඇය සමග අඹු – සැමියන් ලෙස ජීවත් වූ බවත්, පසුව 2023 පෙබරවාරි මස 11 වැනිදා සිට නැවත වනාතවිල්ලුව ප්රදේශයට පැමිණ කුලී නිවසක ඇය සමග සිටි බව ද සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.