ධුර කාලය අවසන් කර පිටව යන ඉන්දීය මහ කොමසාරිස්ට මහින්දගෙන් ස්තුතිය (ඡායාරූප)

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ කතානායක මහින්ද යාපා හමු වී තිබෙනවා.

ඒ අද පෙරවරුවේ දී පාර්ලිමේන්තු කතානායක නිල කාර්‍යාල‍යේ දී බවටයි වාර්තා වන්නේ.

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට පෙරයි කතානායකවරයා හමු වී දෙරට අතර සිදු වන සහ සිදු කෙරුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ව සාකච්ඡා පවත්වා තිබෙන්නේ.

පසුගිය කාලය තුළ මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කතානායකවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම තම ධුර කාලය තුළ දී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ට ද කතානායකවරයා සමස්ත රට වෙනුවෙන් ම ස්තුතිය පළ කළ බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළා.

Indian High Commissioner Calls on Speaker 20231128 1
Indian High Commissioner Calls on Speaker 20231128 2
Indian High Commissioner Calls on Speaker 20231128 3
Indian High Commissioner Calls on Speaker 20231128 4
Indian High Commissioner Calls on Speaker 20231128 5
Indian High Commissioner Calls on Speaker 20231128 6
Indian High Commissioner Calls on Speaker 20231128 7
Indian High Commissioner Calls on Speaker 20231128 8
Indian High Commissioner Calls on Speaker 20231128 9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25