logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ධුර කාලය අවසන් කර පිටව යන ඉන්දීය මහ කොමසාරිස්ට මහින්දගෙන් ස්තුතිය (ඡායාරූප)

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ කතානායක මහින්ද යාපා හමු වී තිබෙනවා.

ඒ අද පෙරවරුවේ දී පාර්ලිමේන්තු කතානායක නිල කාර්‍යාල‍යේ දී බවටයි වාර්තා වන්නේ.

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට පෙරයි කතානායකවරයා හමු වී දෙරට අතර සිදු වන සහ සිදු කෙරුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ව සාකච්ඡා පවත්වා තිබෙන්නේ.

පසුගිය කාලය තුළ මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කතානායකවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම තම ධුර කාලය තුළ දී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ට ද කතානායකවරයා සමස්ත රට වෙනුවෙන් ම ස්තුතිය පළ කළ බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළා.

Indian High Commissioner Calls on Speaker 20231128 1
Indian High Commissioner Calls on Speaker 20231128 2
Indian High Commissioner Calls on Speaker 20231128 3
Indian High Commissioner Calls on Speaker 20231128 4
Indian High Commissioner Calls on Speaker 20231128 5
Indian High Commissioner Calls on Speaker 20231128 6
Indian High Commissioner Calls on Speaker 20231128 7
Indian High Commissioner Calls on Speaker 20231128 8
Indian High Commissioner Calls on Speaker 20231128 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?