පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනයට නිර්ණායක සැකසීම අවශ්‍යයි

පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනය කිරිම සඳහා නිර්ණායක සකස් කිරීම අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ; .එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකරගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේදීයි.

එම සංවාදයේ දී පාතාලය මර්දනය කරන්න දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් අවශ්‍ය බවත්; පොලීසිය, කාරක සභාවට දන්වා තිබෙනවා.

යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳ ව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අවධානය යොමු වුණා.

පෞද්ගලික ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ඇතැම් පුද්ගලයින් හේතුවෙන් මහජනතාව යම් යම්
පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදෙන බව කාරක සභා සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්නා.

යම් පුද්ගලයකු ලබා ගන්නා පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ ව නීතිමය වශයෙන් පොලීසියට මැදිහත්විය නොහැකි බව කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහන් කළා.

කෙසේ වෙතත් එම පෞද්ගලික ආරක්ෂක සේවාවල පිරිස් ආයුධ භාවිත කරන බැවින් යම් නියාමනයක් ඊට අවශ්‍ය බවයි කාරක සභාව පෙන්වා දුන්නේ.

පුද්ගලයින් පෞද්ගලික ආරක්ෂක සේවා ලබා ගැනීමේ දී එම නියාමය කිරීමට අදාළ නිර්ණායක සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් ලබාදීමට ද කාරක සභාව තීරණය කළා.

පාතාල ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයක් පැවතීම පිළිබඳව ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා කෙරුණු බව ද වාර්තා වුණා.

ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු පිරිස් අපරාධ සිදු කිරීම සඳහා යොමුවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ද කාරක සභාවේ දී අනාවරණය වුණු අතර එහිදී අපරාධකරුවන් හඳුනාගැනීම පිළිබඳ ව යම් දුර්වලතාවක් පවතින බවයි පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?