පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනයට නිර්ණායක සැකසීම අවශ්‍යයි

පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනය කිරිම සඳහා නිර්ණායක සකස් කිරීම අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ; .එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකරගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේදීයි.

එම සංවාදයේ දී පාතාලය මර්දනය කරන්න දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් අවශ්‍ය බවත්; පොලීසිය, කාරක සභාවට දන්වා තිබෙනවා.

යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳ ව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අවධානය යොමු වුණා.

පෞද්ගලික ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ඇතැම් පුද්ගලයින් හේතුවෙන් මහජනතාව යම් යම්
පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදෙන බව කාරක සභා සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්නා.

යම් පුද්ගලයකු ලබා ගන්නා පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ ව නීතිමය වශයෙන් පොලීසියට මැදිහත්විය නොහැකි බව කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහන් කළා.

කෙසේ වෙතත් එම පෞද්ගලික ආරක්ෂක සේවාවල පිරිස් ආයුධ භාවිත කරන බැවින් යම් නියාමනයක් ඊට අවශ්‍ය බවයි කාරක සභාව පෙන්වා දුන්නේ.

පුද්ගලයින් පෞද්ගලික ආරක්ෂක සේවා ලබා ගැනීමේ දී එම නියාමය කිරීමට අදාළ නිර්ණායක සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් ලබාදීමට ද කාරක සභාව තීරණය කළා.

පාතාල ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයක් පැවතීම පිළිබඳව ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා කෙරුණු බව ද වාර්තා වුණා.

ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු පිරිස් අපරාධ සිදු කිරීම සඳහා යොමුවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ද කාරක සභාවේ දී අනාවරණය වුණු අතර එහිදී අපරාධකරුවන් හඳුනාගැනීම පිළිබඳ ව යම් දුර්වලතාවක් පවතින බවයි පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56