Empty Ad
AFC Banner
Empty Ad

ගාසා තීරයේ ඉන්ධන සහ ගෑස් ගන්න දිගු පෝලිම්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින හතරක සටන් විරාමයේ දෙවන දිනය වන අද ගාසා තීරයේ ඉන්ධන සහ ආධාර ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ගසා වැසියන් අත්‍යවශ්‍ය භාණ්ඩ එක් රැස් කිරීමට, ගැටුම් හමුවේ අතුරුදන් වූ තම ආදරණීයයන් සෙවීමට සහ මෙන්ම වෙරළ තීරයේ ඇවිදීමට පවා සටන් විරාමය අතර උත්සාහ කරන බවයි වාර්තා වන්නේ.

ඇතැමුන් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් සිදුවී ඇති හානි දැක බලා ගැනීමට මෙන්ම ඉතිරිව ඇති දේ නැවත ලබා ගැනීමට කටයුතු කරන බව සඳහන්.

සටන් විරාමය හමුවේ පලස්තීන භූමියට තවත් සැපයුම්වලට ළඟා වීමට ඉඩ ලබාදී තිබෙනවා.

හමාස් සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලයේ 1,200 දෙනෙකු මරා දමා 240කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඔක්තෝම්බර් 7 වැනි දින එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායලය ගාසා තීරයට සැපයුම් අවහිර කරනු ලැබුවා.

ඒ හමාස් සංවිධානය මැඩපැවැත්වීමේ ප්‍රති ප්‍රහාරවලට අමතරවයි.

එතැන් සිට ගාසා තීරයේ 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කටාරය මැදිහත් වී පනවනු ලැබූ දින හතරක සටන් විරාමයේ ප්‍රතිඵලය වන්නේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු සහ ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් 150 දෙනෙකු නිදහස් කිරීමයි.

සිකුරාදා ආරම්භ වූ සටන් විරාමයේ පළමු දිනයේ ආධාර ට්‍රක් රථ 150ක් පමණ ඊජිප්තුවේ සිට ගාසා තීරයට සැපයුම් රැගෙන පැමිණ තිබෙනවා.

ඔක්තෝබර් 21 වන දින පළමු රථ පෙළ දේශසීමා තරණය කිරීමෙන් පසු ගාසා තීරයට ඇතුළු වූ විශාලතම ආධාර මෙය වූවද, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තවත් තවත් අවශ්‍යව පවතින බවයි. ගාසා තීරය හරහා සන්නිවේදනය ද බොහෝ දුරට අඩාල වී තිබෙනවා.

කෙසේ වෙතත් එහි සිටින මාධ්‍යවේදීන් ප්‍රකාශ කර ඇත්තේ දකුණේ රෆාහි ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බවයි.

ආහාර, ජලය, ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් රැගෙන ට්‍රක් රථ අද අලුයම රෆා හරස් මාර්ගයේ ඊජිප්තු දේශසීමාවේ රැඳී සිට තිබුණා.

සෙනසුරාදා උදෑසන ඉන්ධන පිරවූ ටැංකි හතරක් සහ ගෑස් රැගත් තවත් ටැංකි හතරක් ගාසා තීරයට ඇතුළු වූ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබෙනවා.

ගාසා තීරයට ඇතුල්වූ රථ ඊශ්‍රායල හමුදාව විසින් පරීක්ෂා කිරීම හමුවේ ඒවා දේශ සීමාව ඉක්මවා යාම මන්දගාමී ක්‍රියාවලියක් වුණා.

ආහාර සැපයුම්, පානීය ජලය සහ ඖෂධ රැගත් ආධාර ට්‍රක් රථ 61ක් රෆාහි සිට ගාසා තීරයේ උතුර දෙසට ගමන් ආරම්භ කළ බව පලස්තීන රතු කුරුස නිලධාරීන් ප්‍රකාශ කළා. සටන ආරම්භයේ සිට උතුරට ළඟා වූ විශාලතම ආධාර පෙළ මෙය වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

සටන් විරාමය පිළිබඳ බොහෝ දෙනෙකුට ප්‍රීතියක් තිබුණද, ගැටුම්වලින් අනතුරුව ඉතිරි වූ දේ ලබා ගැනීමට සහ සුන්බුන් යට තම ආදරණීයයන්ගේ සිරුරු ලබා ගැනීමට බොහෝ දෙනෙක් විනාශ වූ නිවෙස් වෙත ආපසු ගිය පසු එය දුකක් සමඟ මිශ්‍ර වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ ප්‍රකාශිකාවක් පැවසුවේ භූමියේ තත්වය අතිශයින්ම භයානක බවත්, ගාසා තීරයට ළඟා වූ ආධාර සාදරයෙන් පිළිගන්නා නමුත්, සංවිධානය තවත් බොහෝ දේ අපේක්ෂා කරන බවයි.

මූලික සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම තවත් වෛද්‍ය උපකරණ, ඉන්ධන සහ ආහාර අවශ්‍ය බව ඇය සඳහන් කර තිබෙනවා.

ඇඳුම් පමණක් පිටේ තබාගෙන පලා යාමට සිදු වූ බවත් බොහෝ දෙනෙකුට නිසි ලෙස ඒවා සේදීමට නොහැකි වූ බවත් ජනතාව ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

බොහෝ පොදු ස්ථාන අතිශයින් ජනාකීර්ණ වන අතර, පාසල් සහ අනෙකුත් තැන්වල මිලියනයකට වඩා අවතැන් වූවන් සිටින බව එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ ප්‍රකාශිකාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47

?