ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන වාරිකය සඳහා මේ වසරේ දෙසැම්බර් මාසය වන විට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් ලබා ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් අයවැය ආධාරක වැඩසටහන් හරහා අරමුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.
දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත IMFහි පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුම නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමට හැකි වනු ඇති බවට ද මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළා.
“අපි නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින අතර නුදුරේදීම ධනාත්මක ප්‍රතිඵලයක් දැකගත හැකි වනු ඇත,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.














Begging is far easier than initiating a suitable economic plan. Collect IMF funds and pay india for all basic consumer products. Food production is zero & importation is 100%. Our younger generation will be kept a huge burden.
GANIPU NAYA GEWA GANNA BARIWA RATA BANKOLOHTH KIYALA AWA HATIYE KIYAPU EKA NEDHA ME. 1970 GAGAN WANA 2001 RINA ARTHIKAYATA GIYATA RATA BANKOLOTH UNE NAHE, KIYUWETH NAHE. EKATA SADHARANA HETHU THIBUNA. 1971 SIRIMAVO GE KALAYE JVP TERA LA RATAMA WINASA KALA. ITA PASSE DARUNU AHARA HIGAYAK AWA. 2001 CBK GE KALAYE LTTE DARUNU LESA GAHUWA, COLOMBA HEMA SATHIYEMA BOMBA GAHUWA, KATUNAYAKE AIRPORT EKATA DEPARAK GAHUWA. 2022 EHEMA WENNA HETHUWAK NAHE. PASKU ATTACK EKA GIYE 2019, EKA MUN BALAYATA ENNA KALA DEYAK KIYALA KIYANAWA. NAMUTH BALAYA ALLALA THIBUNE. NAMUTH TOURISM WATUNA, EKA LOKU DEYAK NOWEYI. EXPORTS, FOREIGN REMITTANCE THIBUNA, 220 COIVD AWA, EKATH LOKU DEYAK NOWEYI, EYI KALAYE TRANSPORT NATHI NISA, FUEL, VEHICLE IMPORT UNE NAHE. MUN ENAKOTA RANIL ITHURU KARLA GIYA DOLLAR BILLION 8.5 TA MOKADHA UNE???? EKATA MUNTA BILL HADALA PENNAN HAKIDHA. KANAGATUWA ME AWASTHA 3 MA UNE SLFP PODHU PERAMUNA, POHOTTUWA KIYANA UNP NOWENA EKAMA PAKSHAYEN APU UNGE MUSALA KMA NISA. AYE KISI DAKA DENNE NAHE.