spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF දෙවන වාරිකය ලැබෙන කාලය ගැන ඉඟියක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන වාරිකය සඳහා මේ වසරේ දෙසැම්බර් මාසය වන විට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් ලබා ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් අයවැය ආධාරක වැඩසටහන් හරහා අරමුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත IMFහි පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුම නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමට හැකි වනු ඇති බවට ද මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළා.

“අපි නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින අතර නුදුරේදීම ධනාත්මක ප්‍රතිඵලයක් දැකගත හැකි වනු ඇත,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?