අස්වැසුම ගැන ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සාකච්ඡාවක්

‘අස්වැසුම’ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම හා එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සේවාව ලබා ගැනීම සම්බන්ධව ක්‍රම සහ විධි කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

‘අස්වැසුම’ සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය සහ දෙවෙනි අදියර ක්‍රියාත්මක කිරීමේදී පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවටයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කෙරුණේ.

අස්වැසුම සඳහා ග්‍රාම නිලධාරීන්ට බලය පැවරීමේ දී එම නිලධාරීන් දඬුවමට යටත් වන 2002 අංක 02 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වෙනි වගන්ති පරිච්ඡින්න කිරීමට සළකා බැලීමට ද මෙහිදී උපදෙස් දී තිබෙනවා.

අස්වැසුමට අදාළ රාජකාරි ඉටු කිරීමේදී ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවිය යුතු දීමනාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර කාරක සභාවට දැනුම්දීමට ද නිර්දේශ කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ 18 වෙනි රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.

මෙහිදී ‘අස්වැසුම’ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ දී හා එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සේවාව ලබා ගැනීම සම්බන්ධවයි සාකච්ඡා කෙරුණේ.

මෙම සාකච්ඡාව සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්, ආයතන අධ්‍යක්ෂ ජනරාල් සහ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති වන ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ප්‍රගතිශිලී ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, උපාධිධාරී ග්‍රාම නිලධාරී සංගමය, රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පරිපාලන ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා පරිපාලන ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා එක්සත් ගම්පත ග්‍රාම නිලධාරී සංගමය යන සංගම්වල නියෝජිතයන් කැඳවා තිබුණා.

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය සහ එහි දෙවන අදියරය ක්‍රියාත්මක කිරීමට අදාළව ග්‍රාම නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම සඳහා මූලික වශයෙන් ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළු සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විසඳුමක් සෙවිය යුතු බවත්, ඔවුන් සමග ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවත්වන සාකච්ඡාවක් වෙනුවෙන් පහසුකම් සපයන්නෙකු ලෙස අවශ්‍ය සම්බන්ධීකරණය ලබා දීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සූදානම් බවත් සභාපතිවරයා මෙහිදී දැනුම්දී තිබෙනවා.

අස්වැසුම යෝජනා ක්‍රමය හා සම්බන්ධ වීම සඳහා ග්‍රාම නිලධාරීවරුන්ගේ පාර්ශවයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සභාපතිවරයා විසින් විමසනු ලැබුවා. එහිදී මූලික වශයෙන් අස්වැසුම යෝජනා ක්‍රමය සමග සම්බන්ධවීමේදී ග්‍රාම නිලධාරීවරුන්ගෙන් බලාපොරොත්තු වන නිශ්චිත කාර්යභාරය කුමක්ද යන්න සඳහන් කරමින් ලිඛිතව බලය පැවරීමක් අවශ්‍ය බවයි ග්‍රාම නිලධාරීන් කියා සිටියේ. එ‍මෙන්ම, අස්වැසුම රාජකාරිවලදී අධීක්ෂණ නිලධාරියෙකු ලෙස පරිපාලන ග්‍රාම නිලධාරීන් පත් කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම, අස්වැසුම රාජකාරි ඉටු කිරීමේදී ග්‍රාම නිලධාරීන්ට ලැබෙන නීතිමය රැකවරණය, කාර්ය වගකීම් සඳහා වන කාලරාමුව සහ නිලධාරීන් සඳහා ගෙවන දීමනාව කොපමණ ද සහ එම දීමනාව පවත්නා ජීවන වියදමට සහ අදාළ කාර්යභාරය සඳහා ප්‍රමාණවත් මුදලක් විය යුතුය යන්න නිශ්චිත වශයෙන් ලිඛිතව බලය පැවරීමේ දී අත්‍යවශ්‍ය වන බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ මින් පෙර රජය සමෘද්ධි වැඩසටහන සමග ‘විදාතා’ මධ්‍යස්ථාන ඇති කිරීම මගින් ජනතාවට තාක්ෂණය ලබා දීමේ වැඩපිළිවෙලක් ද, මහ බැංකුව විසින් සෞභාග්‍යා වැනි ණය යෝජනා ක්‍රමයක් ද ආරම්භ කළාක් මෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් අස්වැසුම වැනි ප්‍රතිලාභ යෝජනා ක්‍රම සඳහා සම්බන්ධ කිරීමේ වැදගත් වන බවයි.

ශ්‍රී ලංකාව පුරා සිටින පරිපාලන ග්‍රාම නිලධාරීවරුන් 332 දෙනා සහ එක් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිතියකින් තිදෙනෙක් බැගින් ග්‍රාම නිලධාරී නියෝජිතයන් සම්බන්ධ කරගෙන අස්වැසුම ක්‍රියාවලියේ අභියාචනා ක්‍රියාවලිය සහ දෙවෙනි අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවක් ලබා ගැනීමට අදාළව වගවීම, තාක්ෂණික වශයෙන් සිදු විය යුතු වෙනස්වීම්, දීමනා යනාදිය නිශ්චය කර ගැනීමට සාකච්ඡාවක් කැඳවන ලෙස ද සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළා.

එසේම අස්වැසුම රාජකාරි ඉටු කිරීමේදී ග්‍රාම නිලධාරීන්ගේ හා පරිපාලන ග්‍රාම නිලධාරීන්ගේ වගකීම් ලිඛිතව ලබා දීම, අස්වැසුම සඳහා ග්‍රාම නිලධාරීන්ට බලය පැවරීමේ දී නීතිමය වශයෙන් ඔවුන් දඬුවමට ලක් කළ හැකි අදාළ පනතේ 21 සහ 22 වෙනි වගන්ති යළි සමාලෝචනය කර පරිච්ඡින්න කිරීම සදහා සලකා බැලීමටත් මෙහිදී සභාපතිවරයා නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම, මෙවැනි වැඩසටහන් සඳහා නිර්ණායක සැකසීමේදී බිම් මට්ටමින් අදහස් ලබා ගැනීමේ අවශ්‍යතාවය ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

මීට අමතරව ඉරුදේණියාව ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52