AFC Banner
Empty Ad
Empty Ad

ICC වාරණය ඉවත් කරගැනීමට ශම්මි දැරූ වෑයම අසාර්ථකයි

ඉන්දියාවේ අහමදාබාද් හි දී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට නිරීක්ෂකයකු ලෙස සභභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ශ්‍රී ලංකාවට පනවා තිබූ වාරණය ඉවත්කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බවට තොරතුරු වාර්තා වනවා.

නමුත් එහි දී ICC ය පවසා ඇත්තේ; ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලනයෙන් තොර ස්වාධීන වූ පරිපාලනයක් ඇති කර ගැනීමට දුන් අවස්ථාවෙන් මෙතෙක් සුබවාදී ප්‍රතිඵල ලැබී නොමැති හෙයින් තවදුරටත් වාරණය පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.

ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු කමිටුව ඉවත්කර ගන්නා තුරු මෙම වාරණය ක්‍රියාත්මක වන බවයි.

මෙම තීරණයත් සමග 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මාසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිත ව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ද මෙරටට අහිමි වූ බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ICC ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදෙන අරමුදල් පාලනය කිරීමට ද එම ආයතනය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ සඳහන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පිළිගන්නේ; සාමාජිකයින්ගේ ඡන්දයෙන් පත් වූ පරිපාලනය සහ එහි සභාපති ශම්මි සිල්වා මිස දේශපාලන මැදිහත් වීම් මගින් පත් කරන ලද අතුරු කමිටු නොවන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර තමා ක්‍රීඩා ඇමතිවරයාට මරණ තර්ජන එල්ල කර නොමැති බවත්, ඇමතිවරයා උත්සාහ කරන්නේ ක්‍රිකට්, රගර් සහ පාපන්දු වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතනවලට සිය හිතවතුන් පත්කර ගැනීමට බවත්, ක්‍රීඩා ඇමතිවරයාගේ හිටපු උපදේශකවරයෙකු වන සුදත් චන්ද්‍රෙස්කර පවසනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා තමාගේ නම සඳහන් කරමින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ සුදත් චන්ද්‍රසේකර පෙන්වා දෙන්නේ “විගණන වාර්තාවකට අනුව වරදක් සිදුකර ඇත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු ව වරදකරුවන්ට දඬුවම් කළ යුතු බවයි.

ක්‍රීඩා ඇමතිවරයා මෙවැනි කුමන්ත්‍රණ සිදු කරන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසා නොව, ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසා බව ද සුදත් චන්ද්‍රසේකර පෙන්වා දෙනවා.

මේ වන විටත් විවිධ ක්‍රීඩා සංගම්වලින් උසාවියේ නඩු 285ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට විරුද්ධව විභාග වෙමින් පවතින අතර මේ සියල්ලට ම හේතුව ගැටලු නිරාකරණයට ඇති නොහැකියාව සහ හිතුවක්කාරි ලෙස පළිගැනිමේ චේතනාවෙන් ක්‍රියා කිරීම බව ද සුදත් චන්ද්‍රසේකර නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
10
+1
3
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගීවන ප්‍රහාරය විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ඉස්සර ජොන්ස්ටන්ලා බන්දුලලා වැඩසටහන්වලට යන්නේ මගෙන් උපදෙස් අරන් #harshadesilva #sjb
01:54
Video thumbnail
දිවිනැගුම සංකීර්ණයේ සඟවා තිබූ සුපිරි ජීප් රථය කොටු කරගත්ත මෙහෙයුම
05:43
Video thumbnail
රන්ජන් අනුර වැඩ අරඹයි - "හොරු ටික දැන් ගැහි ගැහි ඉන්නේ" #ranjanramanayake #anurakumaradissanayake
01:57
Video thumbnail
දියවන්නා තරණයට මම සූදානම්... - මැති සබේ මුහුණු පොත
32:50
Video thumbnail
දේශබන්දුගේ රැඟලි සුනේ සුන් - 10g ට අඩුයි නම් High Court - මෙන්න දේශබන්දුගෙ වැඩ...
02:42
Video thumbnail
ඊශ්‍රායලය කිව්වට අපි යන්නෙ නෑ - සාම සාධක හමුදාවෙන් දැඩි ප්‍රතිචාර #INTERNATIONAL_INSIGHT #global
09:58
Video thumbnail
ශානි අබේසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්
03:12
Video thumbnail
හදීසියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිඹුල් කඳුලු හෙලපු ගම්මන්පිලට බීපු කිරි මතක් වෙන්නම දෙසයි #pasku
18:38
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙත් යටිකූට්ටු වැඩ ඕන් දැන් එළියට - දෙවනි අරගලයක පෙර නිමිති #akd #npp
04:01

?