ICC වාරණය ඉවත් කරගැනීමට ශම්මි දැරූ වෑයම අසාර්ථකයි

ඉන්දියාවේ අහමදාබාද් හි දී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට නිරීක්ෂකයකු ලෙස සභභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ශ්‍රී ලංකාවට පනවා තිබූ වාරණය ඉවත්කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බවට තොරතුරු වාර්තා වනවා.

නමුත් එහි දී ICC ය පවසා ඇත්තේ; ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලනයෙන් තොර ස්වාධීන වූ පරිපාලනයක් ඇති කර ගැනීමට දුන් අවස්ථාවෙන් මෙතෙක් සුබවාදී ප්‍රතිඵල ලැබී නොමැති හෙයින් තවදුරටත් වාරණය පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.

ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු කමිටුව ඉවත්කර ගන්නා තුරු මෙම වාරණය ක්‍රියාත්මක වන බවයි.

මෙම තීරණයත් සමග 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මාසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිත ව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ද මෙරටට අහිමි වූ බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ICC ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදෙන අරමුදල් පාලනය කිරීමට ද එම ආයතනය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ සඳහන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පිළිගන්නේ; සාමාජිකයින්ගේ ඡන්දයෙන් පත් වූ පරිපාලනය සහ එහි සභාපති ශම්මි සිල්වා මිස දේශපාලන මැදිහත් වීම් මගින් පත් කරන ලද අතුරු කමිටු නොවන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර තමා ක්‍රීඩා ඇමතිවරයාට මරණ තර්ජන එල්ල කර නොමැති බවත්, ඇමතිවරයා උත්සාහ කරන්නේ ක්‍රිකට්, රගර් සහ පාපන්දු වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතනවලට සිය හිතවතුන් පත්කර ගැනීමට බවත්, ක්‍රීඩා ඇමතිවරයාගේ හිටපු උපදේශකවරයෙකු වන සුදත් චන්ද්‍රෙස්කර පවසනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා තමාගේ නම සඳහන් කරමින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ සුදත් චන්ද්‍රසේකර පෙන්වා දෙන්නේ “විගණන වාර්තාවකට අනුව වරදක් සිදුකර ඇත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු ව වරදකරුවන්ට දඬුවම් කළ යුතු බවයි.

ක්‍රීඩා ඇමතිවරයා මෙවැනි කුමන්ත්‍රණ සිදු කරන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසා නොව, ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසා බව ද සුදත් චන්ද්‍රසේකර පෙන්වා දෙනවා.

මේ වන විටත් විවිධ ක්‍රීඩා සංගම්වලින් උසාවියේ නඩු 285ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට විරුද්ධව විභාග වෙමින් පවතින අතර මේ සියල්ලට ම හේතුව ගැටලු නිරාකරණයට ඇති නොහැකියාව සහ හිතුවක්කාරි ලෙස පළිගැනිමේ චේතනාවෙන් ක්‍රියා කිරීම බව ද සුදත් චන්ද්‍රසේකර නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
10
+1
3
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43