ඉන්දියාවේ අහමදාබාද් හි දී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට නිරීක්ෂකයකු ලෙස සභභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ශ්‍රී ලංකාවට පනවා තිබූ වාරණය ඉවත්කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බවට තොරතුරු වාර්තා වනවා.
නමුත් එහි දී ICC ය පවසා ඇත්තේ; ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලනයෙන් තොර ස්වාධීන වූ පරිපාලනයක් ඇති කර ගැනීමට දුන් අවස්ථාවෙන් මෙතෙක් සුබවාදී ප්‍රතිඵල ලැබී නොමැති හෙයින් තවදුරටත් වාරණය පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.
ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු කමිටුව ඉවත්කර ගන්නා තුරු මෙම වාරණය ක්‍රියාත්මක වන බවයි.
මෙම තීරණයත් සමග 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මාසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිත ව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ද මෙරටට අහිමි වූ බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ICC ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදෙන අරමුදල් පාලනය කිරීමට ද එම ආයතනය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ සඳහන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පිළිගන්නේ; සාමාජිකයින්ගේ ඡන්දයෙන් පත් වූ පරිපාලනය සහ එහි සභාපති ශම්මි සිල්වා මිස දේශපාලන මැදිහත් වීම් මගින් පත් කරන ලද අතුරු කමිටු නොවන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර තමා ක්‍රීඩා ඇමතිවරයාට මරණ තර්ජන එල්ල කර නොමැති බවත්, ඇමතිවරයා උත්සාහ කරන්නේ ක්‍රිකට්, රගර් සහ පාපන්දු වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතනවලට සිය හිතවතුන් පත්කර ගැනීමට බවත්, ක්‍රීඩා ඇමතිවරයාගේ හිටපු උපදේශකවරයෙකු වන සුදත් චන්ද්‍රෙස්කර පවසනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා තමාගේ නම සඳහන් කරමින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ සුදත් චන්ද්‍රසේකර පෙන්වා දෙන්නේ “විගණන වාර්තාවකට අනුව වරදක් සිදුකර ඇත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු ව වරදකරුවන්ට දඬුවම් කළ යුතු බවයි.
ක්‍රීඩා ඇමතිවරයා මෙවැනි කුමන්ත්‍රණ සිදු කරන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසා නොව, ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසා බව ද සුදත් චන්ද්‍රසේකර පෙන්වා දෙනවා.
මේ වන විටත් විවිධ ක්‍රීඩා සංගම්වලින් උසාවියේ නඩු 285ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට විරුද්ධව විභාග වෙමින් පවතින අතර මේ සියල්ලට ම හේතුව ගැටලු නිරාකරණයට ඇති නොහැකියාව සහ හිතුවක්කාරි ලෙස පළිගැනිමේ චේතනාවෙන් ක්‍රියා කිරීම බව ද සුදත් චන්ද්‍රසේකර නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.














ME BALLA NE BAN KARANNA KIYALA ICC EKATA BALA KALEYI. ICC KIYANNE DAN INDIA WALA YATAHATH PAHATH AYATHANAYAK. EKE LOKKAJE SHA KIYANNE MODI GE DAKUNU ATHA WANA AMRITH SHA GE PUTHA. KELINMA INDIA DESHAPALANA BALAPEMA ATHA PEWEEMA ICC EKATA THIYENAWA. EHEMA UN THAMAYI APITA KIYANNE DESHAPALANA BALAPEM KARANWA KIYALA. MEHE INN 225 MA DUSHITHA HORU RELAK. NAMUTH SLC INNETH HEMA DUSHITHA WALATHTHA HORU RELAK. MINISSU PATAN GANNA ONA EKA KUDA THANAKIN. SLC EKA PANNALA WEDA PATAN GATHTHANAM 225 MA PANNALA RATA BERA GANNA THANATA ENNA HAKIYI. MAO 1930 GANAN WALA THAMAYI CHINA WALA DURA ETHA GAM BIM WALIN MAHA PAGAMANA PATAN GATHTHE. ANTHIMEDHI EYA 1950 GANAN WALA MAHAJANA CHEENAYA PIHITUWALA HORU PANNALA HADANNA GATTHA. EKE TURNING POINT EKA DEN SHIAO PENG. ETHANIN CHINA LOKETA OPEN KALA. OKA RUSSIA NOKALA NISA COLLAPSE UNA. MEKATH KEEPA PARAK COLLAPSE UNA. NAMUTH MINISSU EKA SELASUMAKA NOSITI NISA AYE PARAN UNAMA BALAYA DEHE GAHTHA. MEKATA WISANDUMA COMMUNIST NOWEYI. EKA YAL PENA GIYA EKAK. MEKA SOCIAL DEMOCRATIC WIYA YUTHUYI. DAN EKA THIYENNA NAMATA WITHARAYI.