ක්‍රිකට් වෙනුවෙන් කතා කරන්න විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් (ඡායාරූප)

පාර්ලිමේන්තුව දෙසැම්බර් 10 වැනි ඉරිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය එදින පැවැත්වීමටයි එකඟත්වය පළ ව ඇත්තේ.

පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත් කිරීමට ද මෙහි දී කෝප් කමිටුවේ අවධානය යොමු ව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන දෙසැම්බර් 10 වැනි ඉරිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා රැස්වීමටයි අද(20) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූයේ.

මේ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ද එදින පැවැත්වීමට මෙහිදී තීරණය කෙරුණා.

ඊට අමතරව ලබන 22 සහ 24 දෙදින පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද සිදු වනු ඇති.

මේ අනුව ලබන 22 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) , නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ), ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ), සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ), දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

එසේම නොවැම්බර් 24 වැනිදා ද පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා පැවැත්වෙන කාරක සභා අවස්ථා විවාදයෙන් පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත
කිරීමේ), සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන(සංස්ථාගත කිරීමේ), රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ), මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ සහ ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත
කිරීමේ) පනත් කෙටුම්පත් දෙවනවර කියැවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමටයි සූදානම් ව ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබද විමර්ශනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත් කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

පක්ෂ සහ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සඳහායි මෙහිදී එකඟත්වය පළවූයේ.

Business Committee 20231120 1
Business Committee 20231120 4
Business Committee 20231120 5
Business Committee 20231120 6
Business Committee 20231120 7
Business Committee 20231120 8
Business Committee 20231120 10
Business Committee 20231120 11
Business Committee 20231120 12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06