සීනි හිඟය ගැන වෙළෙඳ ඇමති විශේෂ සාකච්ඡාවක

වෙළෙඳපොලේ පවතින සීනි හිඟය සම්බන්ධයෙන් සීනි ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, රට පුරා දැවැන්ත සීනි හිඟයක් නිර්මාණය වී ඇති පසුබිමකයි.

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ නැංවීමට රජය පසුගියදා කටයුතු කළා.

ඒ සමගම වෙළෙඳපොලේ පැවති සීනි තොග මිල ව්‍යාපාරිකයින් විසින් ඉහළ නැංවීමේ සූදානමක් පැවතීම
හේතුවෙන් උපරිම සිල්ලර මිලක් පනවනු ලැබුවා.

ඒ අනුව පසුගිය 03 වැනිදා සිට සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275 ක් සහ දුඹුරු සීනි
කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 330 ක් ලෙසින් පාරිභෝගික අධිකාරිය උපරිම සිල්ලර මිලක් නියම කළා.

උපරිම සිල්ලර මිලක් පැනවීමත් සමගම වෙළෙඳපොළේ දැඩි සීනි හිඟයක් නිර්මාණය වුණා.

ඒ සමගම වෙළෙඳපොළේ හකුරු සඳහා ඇති ඉල්ලුම මේ වනවිට ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

වෙළෙඳපොළේ සීනි හිඟයක් පවතින්නේ බදු ඉහළ නැංවීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 19,000ක් සහ රුපියල්
පනහක නව බදු යටතේ සීනි මෙට්‍රික් ටොන් 12,000 ක් මේ වනවිට රට තුළට ගෙන්වා ඇති පසුබිමකයි.

උපරිම මිල ඉක්මවා සීනි අලෙවි කරන ස්ථාන සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වනවිට
මෙහෙයුම්ද ආරම්භ කර තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ එම සාකච්ඡාව අද පස්වරුවේ ආරම්භ කෙරුණු
බවයි.

මීට පෙර වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ ආනයනකරුවන් සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී සීනි හිඟයට ලබාදෙන විසඳුම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත්, පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ ප්‍රමාණවත් තරම් සීනි තොග වෙළඳපොළෙහි
නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56