දේවගැති ජෙරොම් සම්බන්ධයෙන් නියෝගයක්

මේ වන විට විදේශගත ව සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කළා.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන්.

ඉන් අනතුරුව අදාළ දේවගැතිවරයාට එරෙහි ව සාමාන්‍ය පරිදි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කළ හැකි බවත් අභියාචනාධිකරණය විසින් පොලීසියට නියෝග කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරනු ලබන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සමක අතුරු නියෝගයක් ලබා දෙමිනුයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුවට දෙනු ලැබුවේ.

ඉකුත් අප්‍රේල් මස දේව මෙහෙයක දී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර ඒ තුළින් ඔහු බුදුදහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් විවිධ පාර්ශ්ව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව පෙත්සම්කාර දේවගැතිවරයාට එරෙහි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කළ අතර ඒ පිළිබඳ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

තමන්ට එරෙහි ව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දේවගැතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47