logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

චමරිගේ නමින් සිඩ්නි ක්‍රීඩාංගණයේ කලාපයක් වෙන් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නමින් ක්‍රීඩාංගණයක කොටසක් වෙන් කර තිබෙනවා.

මෙලෙස වෙන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් කොටසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චමරි අතපත්තු මේ දිනවල පැවැත්වෙන සිඩ්නි තන්ඩර් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින්නේ කාන්තා බිග් බෑෂ් ලීගය වෙනුවෙන්.

චමරි බිග් බෑෂ් ලීගයේ ද වැඩිම ලකුණුලාභී ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවනවා.

ඒ ලකුණු 374ක් ඉනිම් 09ක දී ලබා ගනිමින්.

නොවැම්බර් 26 වැනි දින WBBL හි ඩර්බි ගැටුම සඳහා සූදානම් වන සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ චමරි අතපත්තු නමින් විශේෂ ආසන කලාපයක් නම් කර ඇත්තේ ‘චමරි බේ’ (Chamari Bay) යනුවෙන්.

චමරි අතපත්තුගේ නමින් නිශ්චිත ආසන කලාපයක් නම් කිරීමට ගත් තීරණය, බහු සංස්කෘතික ක්‍රිකට් ප්‍රජාවක් පෝෂණය කිරීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන අත්දැකීම් ඇති කිරීමට Sydney Thunder ක්‍රිකට් සමාජයේ අරමුණ වශයෙන් ද පෙන්වා දී තිබෙනවා.

මෙම පියවර චමරිගේ ක්‍රිකට් දස්කම්වලට උපහාරයක් ලෙසටයි තන්ඩර් කාන්තා ක්‍රිකට් සමාජය පෙන්වා දී ඇත්තේ.

මේ වන විට තරග 9 කදී ලකුණු 374 ක් රැස්කරමින් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමක් කර ඇති Sydney Thunder වෙනුවෙන් චමරි අතපත්තුගේ සුවිශේෂී දායකත්වය ඇගයීම මෙම නම් කිරීමෙ ප්‍රධානතම හේතුවක් ලෙසත් වාර්තා වනවා.

ඓතිහාසික සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ නමින් නම් කිරීම මෙන් ම, මෙරට ක්‍රිකට් වංශ කතාවේ අලුතින් ලියැවෙන පරිච්ඡේදයක් ලෙසට ද මෙය හැඳින්විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
1
+1
13
+1
1
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-03|Dasatha News
33:20
Video thumbnail
මාලිමාවෙන් රටේ ජනතාවට අවවාදයක්...#npp #akd
09:21
Video thumbnail
"මනමාලයා හරිවෙලාවට ගෙනල්ලා පෝරුවට නග්ගන්නනෙ තියෙන්නේ" -"බඩු ඉන්නවා හංගලා තියෙන්නේ"
01:29
Video thumbnail
තාඹුගලට මරණ තර්ජන ඇතැයි අධිකරණයට දැනුම් දෙයි #1million #shortsvideo #viralvideo
00:15
Video thumbnail
එක්ස්ප්‍රස් පර්ල් නඩු විභාගයට අතුරු තහනමක් #Express_Pearl #1million #shortsvideo #viralnews
00:14
Video thumbnail
ලොව විශාලතම බහලුම් නෞකාව නැගෙනහිර පර්යන්තයට #ship #1million #shortsvideo
00:21
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-03
01:03:30
Video thumbnail
රේගු පරිපාලන නිලධාරී සංගමයත් වෘත්තීය ක්‍රියාමාර්ගයක... #Customs #protests
04:12
Video thumbnail
අනතුරට හේතුව තවමත් අභිරහසක් ? කොම්පඤ්ඤවීදියේ 15 හැවිරිදි දරුවන් 67න් පහළට පැන්නාද ? වැටුණාද ?
02:27
Video thumbnail
සජිත්ගේ නොදැනුවත්කම නිමල් සිරිපාල එළිපිට කියයි... #sajithpremadasa
08:48

?