චමරිගේ නමින් සිඩ්නි ක්‍රීඩාංගණයේ කලාපයක් වෙන් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නමින් ක්‍රීඩාංගණයක කොටසක් වෙන් කර තිබෙනවා.

මෙලෙස වෙන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් කොටසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චමරි අතපත්තු මේ දිනවල පැවැත්වෙන සිඩ්නි තන්ඩර් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින්නේ කාන්තා බිග් බෑෂ් ලීගය වෙනුවෙන්.

චමරි බිග් බෑෂ් ලීගයේ ද වැඩිම ලකුණුලාභී ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවනවා.

ඒ ලකුණු 374ක් ඉනිම් 09ක දී ලබා ගනිමින්.

නොවැම්බර් 26 වැනි දින WBBL හි ඩර්බි ගැටුම සඳහා සූදානම් වන සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ චමරි අතපත්තු නමින් විශේෂ ආසන කලාපයක් නම් කර ඇත්තේ ‘චමරි බේ’ (Chamari Bay) යනුවෙන්.

චමරි අතපත්තුගේ නමින් නිශ්චිත ආසන කලාපයක් නම් කිරීමට ගත් තීරණය, බහු සංස්කෘතික ක්‍රිකට් ප්‍රජාවක් පෝෂණය කිරීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන අත්දැකීම් ඇති කිරීමට Sydney Thunder ක්‍රිකට් සමාජයේ අරමුණ වශයෙන් ද පෙන්වා දී තිබෙනවා.

මෙම පියවර චමරිගේ ක්‍රිකට් දස්කම්වලට උපහාරයක් ලෙසටයි තන්ඩර් කාන්තා ක්‍රිකට් සමාජය පෙන්වා දී ඇත්තේ.

මේ වන විට තරග 9 කදී ලකුණු 374 ක් රැස්කරමින් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමක් කර ඇති Sydney Thunder වෙනුවෙන් චමරි අතපත්තුගේ සුවිශේෂී දායකත්වය ඇගයීම මෙම නම් කිරීමෙ ප්‍රධානතම හේතුවක් ලෙසත් වාර්තා වනවා.

ඓතිහාසික සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ නමින් නම් කිරීම මෙන් ම, මෙරට ක්‍රිකට් වංශ කතාවේ අලුතින් ලියැවෙන පරිච්ඡේදයක් ලෙසට ද මෙය හැඳින්විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00