චමරිගේ නමින් සිඩ්නි ක්‍රීඩාංගණයේ කලාපයක් වෙන් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නමින් ක්‍රීඩාංගණයක කොටසක් වෙන් කර තිබෙනවා.

මෙලෙස වෙන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් කොටසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චමරි අතපත්තු මේ දිනවල පැවැත්වෙන සිඩ්නි තන්ඩර් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින්නේ කාන්තා බිග් බෑෂ් ලීගය වෙනුවෙන්.

චමරි බිග් බෑෂ් ලීගයේ ද වැඩිම ලකුණුලාභී ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවනවා.

ඒ ලකුණු 374ක් ඉනිම් 09ක දී ලබා ගනිමින්.

නොවැම්බර් 26 වැනි දින WBBL හි ඩර්බි ගැටුම සඳහා සූදානම් වන සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ චමරි අතපත්තු නමින් විශේෂ ආසන කලාපයක් නම් කර ඇත්තේ ‘චමරි බේ’ (Chamari Bay) යනුවෙන්.

චමරි අතපත්තුගේ නමින් නිශ්චිත ආසන කලාපයක් නම් කිරීමට ගත් තීරණය, බහු සංස්කෘතික ක්‍රිකට් ප්‍රජාවක් පෝෂණය කිරීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන අත්දැකීම් ඇති කිරීමට Sydney Thunder ක්‍රිකට් සමාජයේ අරමුණ වශයෙන් ද පෙන්වා දී තිබෙනවා.

මෙම පියවර චමරිගේ ක්‍රිකට් දස්කම්වලට උපහාරයක් ලෙසටයි තන්ඩර් කාන්තා ක්‍රිකට් සමාජය පෙන්වා දී ඇත්තේ.

මේ වන විට තරග 9 කදී ලකුණු 374 ක් රැස්කරමින් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමක් කර ඇති Sydney Thunder වෙනුවෙන් චමරි අතපත්තුගේ සුවිශේෂී දායකත්වය ඇගයීම මෙම නම් කිරීමෙ ප්‍රධානතම හේතුවක් ලෙසත් වාර්තා වනවා.

ඓතිහාසික සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ නමින් නම් කිරීම මෙන් ම, මෙරට ක්‍රිකට් වංශ කතාවේ අලුතින් ලියැවෙන පරිච්ඡේදයක් ලෙසට ද මෙය හැඳින්විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14