ගඟේවාඩියේ දී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා 27 වැනි බලඝනය විසිර යති (ඡායාරූප)

ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයේ විසි හත්වන (27) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කළ නිලධාරීන් සහ නාවිකයන් වෙත ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ පුත්තලම, ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදීයි.

මීට වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරීස්ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්වුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ විසි හත්වන (27) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කළ නිලධාරීන් දෙදෙනෙක් සහ නාවිකයන් 34 දෙනෙකු වෙත ලාංඡන පැළඳවීමේ උත්සවයයි මෙලෙස පැවැත්වුණේ.

අනන්තයට එහා දිවෙන විජයග්‍රහණය කරා යන උදාර පාඨය රැගත් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයේ දී මාස නවයක (09) කාල සීමාවක් පැවති මෙම පුහුණු පාඨමාලව තුළ දී හදිසි සහ ස්වභාවික ආපදා තත්ත්වයන්හි දී ආපදාවට පත්වන පිරිස් ඉන් මුදා ගැනීම හා ඔවුන්ගේ ජීවිත සහ දේපොළ ආරක්ෂා කර අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මනා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබාදීම මින් සිදු කෙරුණා.

පුහුණු කාල සීමාව තුළ දී විශේෂ කුසලතා දැක්වූ නිලධාරීන් සහ නාවිකයන් වෙත විශේෂ සම්මාන පිරිනැමීම එහිදී නාවික හමුදාධිපති විසින් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, විශිෂ්ටතම පුහුණුවන්නාට හිමි සම්මානය ලුතිනන් ජී.ආර්.එස්.ආර් තිලකරත්න විසින් හිමි කර ගත් අතර, දක්ෂතම යාත්‍රා හසුරවන්නාට හිමි සම්මානය ලුතිනන් ඩී. ජී. වයි. පී. ප්‍රේමලාල් විසින් දක්ෂතම හිමිකරගනු ලැබුවා.

ජීවිතාරක්ෂකයාට හිමි සම්මානය බලනැවි ආර්.පී.ආර් ජීවන්ත විසින් සහ දක්ෂතම ශාරීරීක යෝග්‍යවත් පුහුණුවන්නාට හිමි සම්මානය එහිදී බලනැවි එච්.එන්.එම්.එම්.බී හේරත් විසින් නාවික හමුදාධිපති වෙතින් හිමි හිමිකරගත් බවයි වාර්තා වන්නේ.

එහිදී පුහුණුව අවසන් කළ නාවිකයින් ඇමතූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ප්‍රථමයෙන් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයින් වෙත සිය සුභාශිංසන පිරිනැමීමට කටයුතු කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දශක තුනකට ආසන්න කාලයක් රට මුහුණ දුන් ත්‍රස්තවාදී ව්‍යසනයෙන් රට මුදා ගැනීම වෙනුවෙන් සිදුකළ මානූෂීය මෙහෙයුම විජයග්‍රහණයකින් අවසන් කිරීම සඳහා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන විසින් දැක්වූ අනගිභවනීය දායකත්වය අගය කර, මානුෂීය මෙහෙයුම හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු ම වීරෝදාර ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන සාමාජිකයන් කෘතවේදීව සිහිපත් කිරීමට ද කටයුතු කළා.

මෙම ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවෙන් අනතුරුව, සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් විසි හත්වන (27) සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් විශේෂ සංදර්ශනයක් සහ දියේ ගිලී ආපදාවට පත් පුද්ගලයින් වෙත සහන සැලසීමේ ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද එක් වුණා.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරී, කොමාන්ඩර් නදුන් රණවීර ඇතුළු යුද, ගුවන් සහ පොලිසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන් ම විසි හත්වන (27) පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියා.

WhatsApp Image 2023 11 16 at 06.02.21
WhatsApp Image 2023 11 16 at 06.02.26
WhatsApp Image 2023 11 16 at 06.02.27
WhatsApp Image 2023 11 16 at 06.02.29
WhatsApp Image 2023 11 16 at 06.02.31
WhatsApp Image 2023 11 16 at 06.02.36 1
WhatsApp Image 2023 11 16 at 06.02.36
WhatsApp Image 2023 11 16 at 06.02.39 1
WhatsApp Image 2023 11 16 at 06.02.39
WhatsApp Image 2023 11 16 at 06.04.36
WhatsApp Image 2023 11 16 at 06.04.37
WhatsApp Image 2023 11 16 at 06.04.39
WhatsApp Image 2023 11 16 at 06.04.42
WhatsApp Image 2023 11 16 at 06.04.44
WhatsApp Image 2023 11 16 at 06.04.45 1
WhatsApp Image 2023 11 16 at 06.04.46
WhatsApp Image 2023 11 16 at 06.04.47
WhatsApp Image 2023 11 16 at 06.04.48 2
WhatsApp Image 2023 11 16 at 06.04.49
WhatsApp Image 2023 11 16 at 06.04.50
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03