අවසන් පූර්ව වටයේ කාසියේ වාසිය සත්කාරකයින්ට – තරගය නැරඹීමට ඩේවිඩ් බෙකම් පැමිණෙයි

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ අද ආරම්භ වන අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී කාසියේ වාසිය හිමි කරගන්නට සත්කාරක ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් නායක ෂර්මා තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගය පස්වරු 02ට මුම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය අද කණ්ඩායම් දෙකට ම අතිශය තීරණාත්මක වනවා.

ඊට හේතුව වන්නේ අද තරගය ජය ගන්නා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන පළමු සුදුස්සා බවට පත්වීමයි.

අද තරගය ජය ගන්නා කණ්ඩායම හෙට දිනයේ දී ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව වටයේ ජයග්‍රාහක කණ්ඩායම සමග 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එක් වනු ඇති.

මේ වනවිට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන 02ක් ජයග්‍රහණය කර ඇති අතර, නවසීලන්තය කිසිදු එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැහැ.

මේ අතර අද තරගය නැරඹීමට එංගලන්තයෙන් බිහි වුණු සුපිරි පාපන්දු ලෝක ශූරයෙකු වන ඩේවිඩ් බෙකම් ද පැමිණ සිටිනවා.

වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්දුල්කාර් සමග එක් වූ බෙකම් ඉන්දීය කණ්ඩායම සමග සුහද සංවාදයක නිරත වුණු අයුරු ද දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20