Morkel යද්දී ගුල් එයි ?

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට එරට හිටපු වේග පන්දු ක්‍රීඩක උමාර් ගුල් පත්වීමේ ඉඩකඩක් පවතින බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි උමාර් ගුල් මීට සිය එකඟතාව ලබා දී ඇත්තේ, දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන් ම, පාකිස්ථාන කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු වන මෝර්න් මෝකල් (Morne Morkel) ඊයේ දිනයේ දී තම ධුරයෙන් ඉවත් වීම හේතුවෙන්.

මෝකල් ඊයේ දිනයේ දී සිය සේවා කාලය අවසන් කළේ මාස 06ක කාලයක කොන්ත්‍රාත් පදනමක් යටතේ පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ කාලය අවසන් වූ බැවින්.

මෝර්ක්ල් මෙම වසරේ ජුනි මාසයේ දී යි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග එක් වූයේ.

මීට පෙර ද පාකිස්ථාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති ගුල් නැවත වරක් එම තනතුරට පත් වනු ඇතැයි විශ්වාස කරන බවට ද ආරංචි මාර්ග වාර්තා වනවා.

තමාට මෙතෙක් පාකිස්ථානු ක්‍රිකට් කවුන්සිලය විසින් කතා කර නොමැති බවත්, එසේ වුවහොත් ඊට එකහෙලා ම එකඟ වීමට තමන් දැඩි අපේක්ෂාවෙන් සිටින බවයි උමාර් ගුල් පවසන්නේ.

41 හැවිරිදි උමාර් ගුල් එක්දින තරග 130කට ක්‍රීඩා කරමින් කඩුලු 179ක් බිඳ හෙලා තිබෙනවා.

ගුල් ගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 42කට කඩුලු 06ක්.

ටෙස්ට් තරග 47කට එක් ව කඩුලු 163ක් බිඳ හෙලා ඇති ගුල් ගේ හොඳම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව සටහන් ව ඇත්තේ ලකුණු 135කට කඩුලු 06ක් ලෙසයි.

ලබන මාසයේ දී පාකිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකට එක්වීමට නියමිත අතර, ඊට පෙරාතුවයි මෙම සංශෝධනයන් සිදුවෙමින් පවතින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56