ඩයනා – රෝහණ හා සුජිත් අතර වූ ආරවුල ගැන සැකසූ කමිටු වාර්තාව කතානායකවරයාට

2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිදුවීම පිළිබඳ පත් කළ කමිටුවේ වාර්තාව කතානායකවරයාට භාර දී තිබෙනවා.

ඒ කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින්.

ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය හා රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර සිදු වූවා යැයි, පැවසෙන තමා වෙත දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ ව විමර්ශනය කොට වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව රැස් වුණා.

ඒ අනුව උක්ත කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, (වෛද්‍ය) රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකර්, නීතිඥ තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සීතා
අරඹේපොල යන මන්ත්‍රීවරුන් එක් ව විමර්ශන කටයුතු සිදු කළා.

කමිටුව සිව් වතාවක් රැස්වූ අතර සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයන් තිදෙනාට අමතරව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිද්ධිය සම්බන්ධ ව සාක්ෂි විමසීම සඳහා කමිටුව වෙත කැඳවා තිබුණු බවයි වාර්තා වන්නේ.

කමිටු වාර්තාව භාරදීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12