spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනා – රෝහණ හා සුජිත් අතර වූ ආරවුල ගැන සැකසූ කමිටු වාර්තාව කතානායකවරයාට

2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිදුවීම පිළිබඳ පත් කළ කමිටුවේ වාර්තාව කතානායකවරයාට භාර දී තිබෙනවා.

ඒ කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින්.

ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය හා රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර සිදු වූවා යැයි, පැවසෙන තමා වෙත දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ ව විමර්ශනය කොට වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව රැස් වුණා.

ඒ අනුව උක්ත කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, (වෛද්‍ය) රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකර්, නීතිඥ තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සීතා
අරඹේපොල යන මන්ත්‍රීවරුන් එක් ව විමර්ශන කටයුතු සිදු කළා.

කමිටුව සිව් වතාවක් රැස්වූ අතර සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයන් තිදෙනාට අමතරව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිද්ධිය සම්බන්ධ ව සාක්ෂි විමසීම සඳහා කමිටුව වෙත කැඳවා තිබුණු බවයි වාර්තා වන්නේ.

කමිටු වාර්තාව භාරදීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?