ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් හෝ මුල්‍ය කොටසක් මං ගත්තේ නෑ – දේශබන්දු කියයි (නිවේදනය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතු‍රක් පිළිබඳ ව බස්නාහිර පළාත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 අගෝස්තු 07 වැනි දින බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස තනතුරක් පිරිනමා ඇති බවයි.

එම තනතුර 2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි බඳවා ගත් බවට ද තමන්ට ලිපියක් ලැබූ තිබුණු බව ද නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

එවකට මහජන ආරක්ෂක ලේකම්වරයාව සිටි මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) ජගත් අල්විස් වෙත තමන් එම ලිපිය සම්බන්ධයෙන් දැනුවත් කරන ලද බවත්, එම තනතුර භාර නොගන්නා ලෙසට ජගත් අල්විස් හිටපු මහජන ආරක්ෂක ලේකම්වරයා තමන්ට උපදෙස් ලබා දුන් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිසා තමන් එම තනතුර භාර නොගත් අතර; එම තනතුර භාර නොගන්නා බවට දන්වමින් 2021.11.05 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිපියක් ද යොමු කර ඇති බවයි මාධ්‍යයට නිකුත් කළ විශේෂ නිවේදනයේ දැක්වෙන්නේ.

සමාජ මාධ්‍යයෙහි පැතිර යන සියලු තොරතුරු සාවද්‍ය බවත්, තමන් ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් හෝ මූල්‍ය කොටසක් ලබා නොගත් බවත් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

WhatsApp Image 2023 11 13 at 18.08.35
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50