සනත් නිශාන්තට එරෙහි පැමිණිලි විභාගයට අභියාචනාධිකරණය දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළා.

මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා අසා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම සහ පෙත්සම්කාර මෙන්ම වගඋත්තරකාර සරත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට දින නියම කළා.

මෙම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය වගඋත්තරකාර සනත් නිශාන්ත වෙත යළිත් සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ඉකුත් වසරේ අගෝස්තු මස 25 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී අරගලයකට සමයේ අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු අනුගමනය කළ ක්‍රියාපටිපාටිය විවේචනය කිරීම තුළින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් 03ක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනා විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10