පිළිකා කාරක අඩංගු ආනයනික පොල් තෙල් තොගයක් වෙළෙඳපොලේ

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාර ම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ (23) හෙළිදරව්වක් සිදුකළේය.

එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් වහාම ප්‍රතිඅපනයනය කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය නිර්දේශ කර තිබියදී එය වෙළෙඳපොළට නිකුත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

මතභේදයට තුඩුදී ඇති එම ආනයනික තෙල් තොග සාම්පල ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණවලදී ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගුව ඇතැයි තහවුරු වූ බවත් එම තොගයේ කිසිදු තෙල් ප්‍රමාණයක් මහජන පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව හා අදාළ සමාගාම් වෙත ලිඛිතව දැනුම් දුන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සඳහන් කළේය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ,ම තෙල් සාම්පල පිළිබඳ තම ආයතනයෙන් ද පරීක්ෂා කිරීමක් සිදුකළ ද පිළිකා කාරක අඩංගු යැයි වාර්තා නොවූ බවත් එම තෙල් සාම්පල පිළිබඳ සිදුකෙරුණු පර්යේෂණයේ වාර්තා යළි විමර්ශනය කරන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම්වරිය බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය"
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40


?