ලෝක කුසලාන තරගාවලියේ අවසන් කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යම් මානසික පීඩනයකින් පසුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ අන්ත පරාජයකින් පසු අද (10) උදෑසන දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ තරග පරාජයට පත්වීමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බවයි.
දින දෙකක කාලයත් ඇතුළත එම සියලු තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කරන බවයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී පවසා සිටියේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 174 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.














ANE MUN W AGEYI LOSE LOSE AWASTHAWADHIYO. THAMUNTA KELA WEGENA ENAKOTA ANITH EKATATH KELAWALA DALA UWATH THAMUNGE WALATMA DALA PAGANNA HADANNE. API THOPI THARAM CRICKET GENA DANNE NAHE, GAHALATH NAHE. NAMUTH EKA DEYAK AHANNA. EYI YAKO WORLD CUP GAHANNA THIYAGENA TEAM EKE UNTAA IPL LPL GAHANNA DUNNE. DEKAMA T20, KETI KALEKIN HEMA KENAMA UPARIMA SHAKTHIYA DALA GODAK MAHANSI WELA GAHANA GAME EKAK NISA INJURIES GODAK WADIYI. OKA API DANNAWA, MUN DANNE NAHE.PUDUMAYI NEDHA. EKEN APE THURUMPUWA WANIYA THAMA AANDHA UDA.