වලවේ ගඟ පිටාර ගලයි – ප්‍රධාන මාර්ගයක් බ්ලොක් වෙයි

නොකඩවා මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වලවේ ගඟ පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා.

වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට බලංගොඩ – වතුකාරකන්ද ප්‍රධාන බස් මාර්ගය මුළුමනින්ම යට වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පැය 03කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇනහිට තිබෙනවා.

මෙම මාර්ගයේ වලේබොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති පාලම ද සම්පූර්ණයෙන් ම ජලය හේතුවෙන් යට වී තිබුණු අයුරුයි ප්‍රාදේශීය වාර්තාකරු අප වෙත එවා තිබූ දර්ශනවල දැකිය හැකි වන්නේ.

පාලමට ඉහළින් අඩි 10කට වැඩි ජල ප්‍රමාණයක් තිබීම හේතුවෙනුයි එම මාර්ගයෙන් ද වාහන ගමනාගමන කටයුතු ඇනහිට ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32