රුපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනයක් ඉදිරියේ දී

රුපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේදී නිසි නියාමනයක් ඉදිරියේදී සිදුකරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.

සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතා විසින් ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, යම් නියාමනයකට අනුව එය සිදු කළ යුතු බවත් සමේ ආලේපනය කරන මෙම සංවේදී ද්‍රව්‍ය ප්‍රමිතියකට අනුව ආනයනය කළ යුතු බවත් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක් වී මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

රූපලාවන්‍ය ද්‍රව්‍යය ආනයනය කිරීම පසුගිය වසර කිහිපයේ සියයට සියයකින් වැඩි වී ඇති බවත් 2015 වසරේ ජාතික ඖෂධ නියාමන පනතෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය යන පරිච්ඡේදය සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවත් කිසිදු නියාමනයකින් තොරව රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උවමනාව මත මෙය සිදු වී ඇතැයිද මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09