කූට ලේඛන සකසා ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් නැවත ඉතාලිය බලා යාමට උත්සාහකළ ශ්‍රී ලංකික තරුණයකු අද අලුයම කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මොහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 23හැවිරිදි තරුණයෙකි.

Immigration Sri Lanka is getting better. Way to go!! Good job