පොලිස් කොස්තාපල්වරයෙකු කුඩු සමග හසුවේ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවකු වශයෙන් සැලකෙන නෙවි රුවන් හෙවත් රසික රුවන් කුමාර විජේතුංග නමැති සැකකරුගේ ජාවාරම් සඳහා සහය දැක්වූ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු වැලිසර ළය රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

එම පොලිස් කොස්තාපල්වරයා සපුගස්කන්ද පොලිසියට අනුයුක්තව වැලිසර ළය රෝහලේ පොලිස් මුරපලේ රාජකාරියේ නිරත අයෙකි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා රැගෙන විත් තිබූ හෙරොයින් ග්‍රෑම් 107 යි මිලිග්‍රෑම් 290 ක් සොයාගෙන තිබේ.

එසේම ඔහුගේ නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 286 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?