ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මමත වී තිබෙනවා.

ඊට විපක්ෂව ඡන්ද 11ක් ලැබී ඇති අතර පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 22ක්. ඉන්දියාව ද ඇතුලුව රටවල් 14ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා. ආජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, කෝටෙිඩිවෝරේ, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාර්ෂල් දූපත්, මෙක්සිකෝ, නෙදර්ලන්තය, පෝලන්තය, කොරියානු ජනරජය, යුක්රේනය, එක්සත් රාජධානිය සහ උරුගුවේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

යෝජනාවට විරුද්ධව බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පකිස්ථානය, පිලිපීනය, රුසියානු, සමූහාණ්ඩුව, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසුවේලාව ඡන්දය භාවිත කළා.

බහරේන්, බර්කිනා පාසෝ, කැමරූන්, ගැබොන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටේනියාව, නැමීබියාව, නේපාලය, සෙනෙගාලය, සුඩානය සහ ටෝගෝ රාජ්‍යය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

යෝජනාවට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කරමින් මානව හිමිකම් කවුන්සිලයේ මහජන චීන සමූහාණ්ඩුවේ නියෝජිතයා කියාසිටියේ මෙය මුලුමනින්ම මානව හිමිකම් කවුන්සියල දේශපාලනීකරණය කිරීමක් පෙන්නුම් කෙරෙන බවයි.

මෙම යෝජනාවේ එල් ටී ටී ඊ සංවිධානය සිදුකළ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බව පකිස්ථානය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරමින් සඳහන් කළා.

මෙය ශ්‍රී ලංකාවට එරෙහි බරපතල මානව හිමිකම් ප්‍රතිවිරෝධතාවක් ඇති කිරීමේ උත්සාහයක් බව පවසමින් වෙනිසුවේලාව ද යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා.

කෙසේවෙතත් ඉන්දියාව යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේ ශ්‍රී ලංකාව 13 වන ව්‍යවස්ථා සංශෝදනය සහමුලින්ම ක්‍රියාත්මක කළ යුතු බවට බරපතල ඉඟියක් කරමින්.

ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුයේ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව විසින්.

සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඒ පිළිබද ඡන්ද විමසීම ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ නමුත්, යෝජනා රැසක් න්‍යාය පත්‍රවලට ඇතුළත් කිරීමේ ගැටළු හේතුවෙන් එය අද දක්වා කල් දමනු ලැබුවා. අදාළ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද අධීක්ෂණය සහ වාර්තාකරණය ඉහළ නංවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙතින් ඉල්ලා සිටිනවා. එමෙන්ම, මෙරට සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් ලබන ප්‍රගතිය මානව හිමිකම් මණ්ඩලයේ ඉදිරි සැසි වාරයන් සදහා ඉදිරිපත් කර යුතු බව ද එම යෝජනාවේ සදහන්. කෙසේ නමුත්, මෙම යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ.

161780726 286946236127164 1950819672825428839 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?