මැදියම් රැයේ දී තැපෑලත් නවතියි

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවය ඒකාබද්ධ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පැවසුවේ.

මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිලි විකිණීමේ තීරණයට එරෙහි ව මෙම වර්ජනය සිදු කෙරෙන බව ද වාර්තා වනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය පැවැත්වෙනු ඇති.