තෙවන කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක්

එන්නතට මුල් තැන දෙමින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම කළහොත් එය මෙරට තෙවන කොරෝනා රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම තත්ත්වය එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට බලපෑ හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 314ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,514 දෙනෙකු දක්වා ඉහළ ගියා.

එමෙන්ම, කොරෝනා මරණ 5ක් ද ඊයේ දිනයේ වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 80ත්, 51ත් අතර වියේ පසුවන්නන්.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 5ම පිරිමි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් 341 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 210 දෙනා කාන්තාවන්.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 29,312 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,838 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6562කුත් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලට අමතර මහනුවරින් ආසාදිතයින් 4158 දෙනෙකුත්, රත්නපුරයෙන් 2758 දෙනෙකුත් වාර්තා වී තිබෙනවා. මේ අතර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ චීන සිනොෆාම් කොරෝනා එන්නත මෙරට ජනතාව සඳහා එන්නත් කිරීමට මෙතෙක් පූර්ණ අනුමැතිය ලබා දී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?