යතුරුපැදිකරුගෙන් පොලිස් සැරයන්ට පා පහරක්

අණ නොතකා නොනවත්වා ධාවනය කළ යතුරු පැදියක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරියෙකු පලා යමින් සිටි යතුරුපැදිකරු විසින් එල්ල කරන ලද පා පහරකින් බිමට වැටී අනතුරට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති
බවයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වැල්ලව පොලීසියට අනුයුක්ත ව සේවය කරන පොලිස් සැරයන් (39551) කුමාර නම් අයෙක්.

ඊයේ සවස හිරිපිටිය – මාලගමුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇත්තේ.

වැල්ලව පොලීසියට අනුයුක්ත ව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හිරිපිටිය මංසන්ධියේ රථ වාහන රාජකාරියේ නිරත ව සිට ඇති අතර එම අවස්ථාවේ දී ගනේවත්ත දෙස සිට හිරිපිටිය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවත්වන ලෙස රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් අණ කර තිබෙනවා.

නමුත් එම යතුරු පැදිය නොනවත්වා ධාවනය කර ඇති අතර, රථ වාහන රාජකාරියේ නිරත ව සිටි පොලිස් සැරයන්වරයා තමන්ගේ පුද්ගලික යතුරුපැදියෙන් පලා යමින් තිබූ යතුරුපැදිය පසු පස හඹා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පලා යමින් තිබූ යතුරුපැදිය මාලගමුව මංසන්ධියේ දී නතර කිරීමට පොලිස් සැරයන්වරයා උත්සාහ කර ඇති අතර; එම අවස්ථාවේදී පලා යමින් සිටි යතුරුපැදිකරු විසින් පොලිස් සැරයන්වරයාට පා පහරක් එල්ල කර තිබෙනවා.

ඒ සමගම පොලිස් සැරයන්වරයා ගමන් කරමින් තිබූ යතුරුපැදිය ලිස්සා ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරට පත්ව සිටි පොලිස් සැරයන්වරයාව එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ප්‍රතිකාර සඳහා වැල්ලව රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙතෙක් පලා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන නැහැ.

නමුත් එම යතුරුපැදිය හඳුනාගෙන ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27