පුරාවිද්‍යාත්මක ස්ථාන රැකීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉඩක්

උතුරු පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමකට අදාළ ව ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද කල් ලබා දුන්නා.

වව්නියාව උතුර ප්‍රදේශයේ පිහිටි වඩුනාගල රජමහා විහාරයට කිසියම් පිරිසක් හානි කිරීමේ සිද්ධියකට අදාළ ව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ගල්ගමුවේ සංඝබෝධි හිමි ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි මෙම කල් ලබා දුන්නේ.

ඒ එස්.තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කළ විරෝධතාවලට අදාළ ව ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන මැයි මස 25 වනදා යළි කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට පෙර ප්‍රතිවිරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෑතක දී තම විහාරස්ථානයට කඩා වැදුණු කිසියම් පිරිසක් එහි ශිව ලිංගයක් තබා එහි දේපළවලට අලාභ හානි සිදු කළ බවයි.

මේ හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අදාළ විහාරස්ථානයේ ගෞරවනීයභාවයට හා පූජනීයත්වයට හානි සිදු වු බවත් පෙත්පසම්කරුවෝ පවසනවා.

මේ හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් උතුරු පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08