ඇමරිකා තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සුරක්ෂිත කර ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයේ ප්‍රගතිය සනිටුහන් කරමින් IMF හි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට ආණ්ඩුකාරවරයාට තම සුබපැතුම් පිරිනැමූ බව ද ජුලි චන්ග් මහත්මිය කියා සිටියා.

ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාධාරණත්වයේ අවශ්‍යතාවය තමා අවධාරණය කළ බවයි.

සියලුම ණය හිමියන්ට සමාන සහ සාධාරණ ලෙසට සැලකීම අත්‍යවශ්‍ය වන බව ද තානාපතිනිය මහ බැංකු අධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන සෑම පාර්ශ්වයකින්ම විනිවිදභාවය ඉතා වැදගත් වන බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කරමින් සාධාරණත්වය, විනිවිදභාවය, අඛණ්ඩතාව සහ අන්තර්ග්‍රහණය අගය කරන ආර්ථික භූ දර්ශනයක් සඳහා කැපවී සිටින බව ද තානාපතිනිය සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා.

  1. AMBASSIDOR KENEKUTA HAMU WENNA HAKI RAJYA NAYAKAYIN PAMANAMAYI. RAJYA NILADHAREEN HAMU WENNA BAHE. RAJYA NILADHAREEN HAMUWENAWA NAM DEGOLLOMA KALIN AWASARA GANNA ONA. DAN EWA MUKUTH NAHE. RATEYI ABHYANTHARA CIVIL DESHAPALANA AGAMIKA WEDA WALATA MADHIHATH WENNA BAHE. 1993 LATE.EX.PRES.PREMAASA BRITISH COMMISSIONER DAVID GLADSTON DEPORT KALEYI ELECTRION EKA GENA MADIHATH UNA NISA.



අපගේ නවතම වීඩියෝ පුවත්