spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකා තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සුරක්ෂිත කර ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයේ ප්‍රගතිය සනිටුහන් කරමින් IMF හි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට ආණ්ඩුකාරවරයාට තම සුබපැතුම් පිරිනැමූ බව ද ජුලි චන්ග් මහත්මිය කියා සිටියා.

ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාධාරණත්වයේ අවශ්‍යතාවය තමා අවධාරණය කළ බවයි.

සියලුම ණය හිමියන්ට සමාන සහ සාධාරණ ලෙසට සැලකීම අත්‍යවශ්‍ය වන බව ද තානාපතිනිය මහ බැංකු අධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන සෑම පාර්ශ්වයකින්ම විනිවිදභාවය ඉතා වැදගත් වන බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කරමින් සාධාරණත්වය, විනිවිදභාවය, අඛණ්ඩතාව සහ අන්තර්ග්‍රහණය අගය කරන ආර්ථික භූ දර්ශනයක් සඳහා කැපවී සිටින බව ද තානාපතිනිය සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?