වසර 33කට පසු රජිනිකාන්ත් සහ අමිතාබ් බච්චන් එකම චිත්‍රපටයක

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පීන් වන අමිතාබ් බච්චන් සහ රජිනි කාන්ත් වසර 33කට පසු චිත්‍රපටයක් සඳහා එක්ව රංගනයෙන් දායක වීමට නියමිතව තිබෙනවා.

අමිතාබ් බච්චන් සහ රජිනි කාන්ත්ගේ රංගනයෙන් දායක වන චිත්‍රපටය වන ‘Talaivar 170′ සඳහා නිල වශයෙන් එක් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රජිනිකාන්ත් ට්විටර් සටහනක් තබමින් නිවේදනය කළේ “වසර 33කට පසු, මම නැවතත් T.J Gnanavel විසින් අධ්‍යක්ෂණය කරන ලද “Talaivar 170” හි ශ්‍රී අමිතාබ් බච්චන් සමඟ නැවත වැඩ කරමි. මගේ හදවත ප්‍රීතියෙන් ගැහෙනවා !” යනුවෙන්.

‘Talaivar 170’ යනු රජිනි කාන්ත්ගේ ප්‍රධාන චරිතයට රංගනයෙන් එක්වන 170 වැනි චිත්‍රපටයයි.

මෙම ප්‍රවීණයන් දෙදෙනා එකම චිත්‍රපටයකට රංගනයෙන් එක් වීම ඉන්දීය සිනමා රසිකයන් වඩාත් කැමැත්තකින් බලා සිටි අවස්ථාවක් ලෙසටයි සැලකෙන්නේ.

Lyca Productions යටතේ එය නිෂ්පාදනය කරනු ලබන්නේ Subaskaran Allirajah විසින්. චිත්‍රපටයේ සංගීතය Anirudh Ravichander අතින්ද, කැමරාකරණය S. R. Kathir අතින්ද සිදු වන අතර සංස්කරණය කරනු ලබන්නේ ෆිලෝමින් රාජ් විසින්.

මෙම චිත්‍රපටයේ Rajinikanth රංගනයෙන් දායක වන අතර Amitabh Bachchan, Fahadh Fasil, Rana Daggubati, Manju Warrier, Ritika Singh සහ Dushara Vijayan යන නළු නිලියන් පිරිස ද රංගනයෙන් දායක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55