spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර 33කට පසු රජිනිකාන්ත් සහ අමිතාබ් බච්චන් එකම චිත්‍රපටයක

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පීන් වන අමිතාබ් බච්චන් සහ රජිනි කාන්ත් වසර 33කට පසු චිත්‍රපටයක් සඳහා එක්ව රංගනයෙන් දායක වීමට නියමිතව තිබෙනවා.

අමිතාබ් බච්චන් සහ රජිනි කාන්ත්ගේ රංගනයෙන් දායක වන චිත්‍රපටය වන ‘Talaivar 170′ සඳහා නිල වශයෙන් එක් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රජිනිකාන්ත් ට්විටර් සටහනක් තබමින් නිවේදනය කළේ “වසර 33කට පසු, මම නැවතත් T.J Gnanavel විසින් අධ්‍යක්ෂණය කරන ලද “Talaivar 170” හි ශ්‍රී අමිතාබ් බච්චන් සමඟ නැවත වැඩ කරමි. මගේ හදවත ප්‍රීතියෙන් ගැහෙනවා !” යනුවෙන්.

‘Talaivar 170’ යනු රජිනි කාන්ත්ගේ ප්‍රධාන චරිතයට රංගනයෙන් එක්වන 170 වැනි චිත්‍රපටයයි.

මෙම ප්‍රවීණයන් දෙදෙනා එකම චිත්‍රපටයකට රංගනයෙන් එක් වීම ඉන්දීය සිනමා රසිකයන් වඩාත් කැමැත්තකින් බලා සිටි අවස්ථාවක් ලෙසටයි සැලකෙන්නේ.

Lyca Productions යටතේ එය නිෂ්පාදනය කරනු ලබන්නේ Subaskaran Allirajah විසින්. චිත්‍රපටයේ සංගීතය Anirudh Ravichander අතින්ද, කැමරාකරණය S. R. Kathir අතින්ද සිදු වන අතර සංස්කරණය කරනු ලබන්නේ ෆිලෝමින් රාජ් විසින්.

මෙම චිත්‍රපටයේ Rajinikanth රංගනයෙන් දායක වන අතර Amitabh Bachchan, Fahadh Fasil, Rana Daggubati, Manju Warrier, Ritika Singh සහ Dushara Vijayan යන නළු නිලියන් පිරිස ද රංගනයෙන් දායක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?