හිමි නමකට පහර දී මුදල් කොල්ල කෑ පුද්ගලයා අත්අඩංගුවට

හලාවත නගරයේ සුපිරි වෙළෙඳසැලක් තුළ දී හිමි නමකට පහර දී රුපියල් ලක්ෂ 48 ක් පමණ වටිනා යුරෝ සහ ශ්‍රී ලංකා මුදල් කොල්ල කන ලද බව කියන පුද්ගලයෙකු ව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – වුඩ්ලන්ඩ් වත්ත පදිංචිකරුවෙකු යි.

ඉකුත් 21 වෙනිදා සවස හලාවත නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට පැමිණ ඇති හිමි නමක් එහි තිබූ භාණ්ඩ මිල දී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

හිමිනම විසින් භාණ්ඩ මිලට ගන්නා ආකාරය සැකකරු විසින් තම අත තිබූ ජංගම දූරකථනයකින් වීඩියෝගත කර තිබෙනවා.

හිමිනම ඊට විරෝධය පළ කර ඇති අතර, දෙදෙනා අතර ගැටුම සිදු වී ඇත්තේ එම අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී සැකකරු හිමිනමට පහර දී උන්වහන්සේ සතුව තිබූ බෑගයක් ද රැගෙන පලා ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

එම බෑගයේ රුපියල් ලක්ෂ 48 ක් පමණ වන යූරෝ සහ ශ්‍රී ලංකා මුදල් තිබූ බව සිද්ධියට මුහුණ දුන් කරවිටාගාරයේ ධම්මකිත්ති හිමියන් පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සිදු කර ඇති විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු
කළා.

සැකකරු 2019 වර්ෂයේදී යුද හමුදා විශේෂ බලකායට බැඳීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වී තිබෙනවා.

නමුත් ශරීර යෝග්‍යතාව අසමත් වීම හේතුවෙන් ඉන් ඉවත් කර ඇති බවට ද හෙළි ව තිබෙනවා.

සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද යුද හමුදාවේ පුහුණුවීම් ලද බවට වන සහතිකයක්, යුද හමුදා සාමාජිකයින් භාවිතා කරන කැලෑ ඇඳුම් කට්ටලයක්, සෙල්ලම් පිස්තෝල 02 ක් ද, පොලිස් භාරයට ගැනුණා.

සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04