IMF වැඩසටහන රට තුළ ව්‍යාපාර කිරීමට විශ්වසනීය පරිසරයක් ඇති කරනවා – ශෙහාන් සේමසිංහ

ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තිරසරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ඇති වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ තුළින් ඊට පසුබිම නිර්මාණය වෙමින් පවතින බවයි.

මෙරට ආර්ථික වර්ධනය උදෙසා ආහාරපාන කර්මාන්තයේ දායකවත්වය මැයෙන් කොළඹ වාණිජ මණ්ඩලය සංවිධානය කළ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහි දී කර්මාන්තරුවන් පවතින ආර්ථික අර්බුදය හමුවේ තමන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සිය අදහස් පළකර සිටියා.

ශ්‍රී ලංකාව තව දුරටත් පසුවන්නේ අර්බුදයෙන් නැගී සිටීමේ මූලික අවස්ථාවේ බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබා දී ඇති නිර්දේශයන් යනු දශක ගණනාවක් රටට අවශ්‍යව තිබූ ප්‍රතිසංස්කරණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එමගින් ශ්‍රී ලංකාව යළිත් පැවැති ආකාරයේ ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙන තත්ත්වයට පත් වනු ඇති බවයි.

විශේෂයෙන් ම දුෂණය අවම කිරීම, බදු ජාලය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය සිදුකිරීම මගින් ව්‍යාපාර සඳහා විශ්වාසය ඉහළ නැංවීමක් බව ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07