පැහැරගෙන යමින් සිටි ව්‍යාපාරික කත මෝටර් රථයෙන් එළියට පැන හැංගිලා

කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව අද (23) අලුයම් කාලයේ දී මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරක් වාර්තා වනවා.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කල්පිටිය, පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මෝටර් රථයකින් පැමිණි පිරසක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර තිබූ බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව කාන්තාව පැහැරගෙන ගිය මෝටර් රථය ආණමඩුව පොලීසිය මඟින් අද (23) අලුයම සිය භාරයට ගෙන ඇති බව සඳහන්.

අදාළ මෝටර් රථය පාලාවිය – මුන්දලම හරහා ආණමඩුව දෙසට ගමන් කරමින් සිටින බවට කල්පිටිය පොලීසියට ලැබුණු ඔත්තුවක් මත එය අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලීසිය අවට පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දැනුම්දීම අනුවයි ආණමඩුව පොලීසිය මඟින් අදාළ මෝටර් රථය සිය භාරයට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ සිටි අයෙකු පළාගොස් ඇති අතර, රථය පදවාගෙන ආ රියදුරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අදාළ මෝටර් රථය මඟින් පැහැරගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාව ආණමඩුව, වඩත්ත ප්‍රදේශයේ දී මෝටර් රථයේ වේගය අඩුවන අවස්ථාවේ ඉන් පිටතට පැන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස මෝටර් රථයෙන් පිටතට පැන සැගවී සිටිය දී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන අදාළ කාන්තාව ආණමඩුව පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බව සඳහන්.

කාන්තාව පැහැරගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ පොලිස් භාරයට ගෙන ඇති කාන්තාව වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කල්පිටිය පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27