AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි ප්‍රහාරයකින් එකම පවුලේ තුන්දෙනෙකුට තුවාල

අහුන්ගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද සවස යතුරුපැදියකින් යමින් සිටි පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අහුන්ගල්ල ප්‍රදේශයේ පාසලක් අසලදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අඹු සැමි යුවළක් සහ කුඩා දරුවෙක්.

ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.

ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි සඳහන්.

වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 32 සහ 28 වයස්වල පසුවන අඹු සැමි යුවළක් සහ මාස 4ක් වයසැති ඔවුන්ගේ දරුවායි.

දරුවාගේ පාදයකට ද වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති අතර වෙඩි තැබීම සදහා T56 ගිනි අවියක් භාවිතාකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙලිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?