වෙඩි ප්‍රහාරයකින් එකම පවුලේ තුන්දෙනෙකුට තුවාල

අහුන්ගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද සවස යතුරුපැදියකින් යමින් සිටි පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අහුන්ගල්ල ප්‍රදේශයේ පාසලක් අසලදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අඹු සැමි යුවළක් සහ කුඩා දරුවෙක්.

ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.

ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි සඳහන්.

වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 32 සහ 28 වයස්වල පසුවන අඹු සැමි යුවළක් සහ මාස 4ක් වයසැති ඔවුන්ගේ දරුවායි.

දරුවාගේ පාදයකට ද වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති අතර වෙඩි තැබීම සදහා T56 ගිනි අවියක් භාවිතාකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙලිවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14