ශ්‍රී ලංකාවේ තාක්ෂණික යෝජනාවකට චීන සමාගම් රැසක් හා කියයි

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සඳහා අධ්‍යයන හා තාක්ෂණ අංශ හරහා සහාය දැක්වීමට චීන ආයතන කැමැත්ත පළ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව කළ යෝජනාව සම්බන්ධ ව අධ්‍යයන හා තාක්ෂණ අංශයන්ගෙන් සහයෝගය ලබාදීමට දේශගුණික කාර්යයන්ට සම්බන්ධ චීන ආයතන ගණනාවක නියෝජිතයන් එකඟ වූ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බීජිං නුවර පාරිසරික විශ්වවිද්‍යාල සහ දේශගුණය සම්බන්ධ නියෝජිත ආයතන කිහිපයක ප්‍රධානීන් අතර ඊයේ (19) පැවති සාකච්ඡාවේ දී මේ බව අනාවරණය කෙරුණා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය ඉතා කාලෝචිත හා දූරදර්ශී එකක් බවයි මෙහිදී පැමිණ සිටි නියෝජිත පිරිස පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් පාර්ශ්වකරුවන් රැසක් සමග සාකච්ඡා කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ තනි වෑයමක් නොව සාමුහික ක්‍රියාදාමයක් බවට පත් කර ගැනීම තම අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

විශ්වවිද්‍යාලයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් සමග මාර්ගගත සාකච්ඡා වාර කිහිපයක් සංවිධානය කිරීමට ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01